ඉදිරි සතිවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක වෙනස්කම් සිදුවිය හැකි බව වාර්තා වේ.
ඒ අනුව දැනට ආන්දෝලනයට ලක්ව ඇති ඖෂධ සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආදි ආයතනයන්හී ඉහළ තනතුරු රැසක් වෙනස්වීමට නියමිතව ඇතැයි පැවසේ.
පසුගිය කාලය පුරාවට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති අදාල ආයතනවල ඇතිවූ වංචා දූශණ සහ අක්‍රමිකතා හේතුවෙන් මෙන්ම බාල ඖෂධ ගෙන්වීම ඇතුලු විවිද අක්‍රමිකතා හේතුවෙන් අදාල තනතුරු වෙනස් කරන ලෙස බොහෝ පාර්ශවයන් රජයෙන් ඉල්ලා ඇතැයි ද පැවසේ.
මේ අතර ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ මෙම තනතුරුවලට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේද වෙනසක් සිදුවිය හැකි බවත් එසේ වෙනසක් සිදුවුවහොත් එම අමාත්‍යධූරය සඳහා පසුගිය සමයේ බොහෝ සෙයින් කතා බහට ලක්වූ විපක්ෂ මන්ත්‍රීවරයෙකු අර්බුදයට ලක්ව ඇති සෞඛ්‍ය සේවය නගා සිටුවීම සඳහා එම අමාත්‍යධූරය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති බවත් පැවසේ.
මූලාශ්‍රය – මොණරා