රේගුවෙන් රාජසන්තක කල පරිප්පු කන්ටේනර් පහක් පාතාලයෙකු අතට ගනී!
ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝට් අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ.
පරිප්පු තොගයේ තක්සේරු වටිනාකම ලෙස සඳහන් වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකි.
මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් දැන ගන්නට ඇත.
මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000 ක් තිබී ඇතැයි පැවැසේ.
මෙයට අමතරව මෙම කණ්ඩායම රාජසන්තක කෙරුණු තලපත් බහාලුමක් ලබාගෙන කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ.
මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත් වීමෙන් මේ ආකාරයට විකිණීමට සූදානම් වීමේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මැදිහත්වී එම කටයුත්ත වහාම නතර කරනු ලැබීය.
– සුජිත් හේවාජුලිගේ
රේගුවෙන් රාජසන්තක කල පරිප්පු කන්ටේනර් පහක් පාතාලයෙකු අතට ගනී!
2024-05-22T12:26:00+05:30
Gossip Lanka Hot News





