ලංකා ප්‍රිමියර් ලීගයේ දඹුල්ල හිමි කරු ටමීම් රහ්මාන් තරග පාවා දීමේ චෝදනාවක් මත අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණද පොලිසිය තව දුරටත් විමර්ශන කටයුතු කරගෙන යන බව ලංකාසරට වාර්තා වේ. මේ අනුව ක්‍රීඩක ඒජන්තයන් කිහිප දෙනකු පිළිබඳ ලැබුණු තොරතුරු මත ඉදිරියේදී සැක කටයුතු කිහිප දෙනකුම අත් අඩංගුවට ගනු ඇතැයිද වාර්තා වේ.
ක්‍රීඩක වෙන්දේසියට පෙර දිනයේ කොළඹ භෝජනාගාරයක ටමීම් හා ක්‍රීඩක ඒජන්තයකු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග පවත්වන ලද රහසිගත හමුවක් ගැනද තොරතුරු වාර්තා වී ඇත.
මේ අතර වෙන්දේසිය අතර තුර පුහුණුකරුවන් හා පිටත සිටි ඒජන්තයන් අතර වරින් වර දුරකථන සංවාද තිබී ඇති බවත් ඒ ගැනද විමර්ෂකයන්ගේ අවධානය යොමු වී ඇත.
වෙන්දේසිය අතර තුර අයිසීසී දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් මෙන්ම වෙස්වලාගත් ඔවුන්ගේ ඔත්තුකරුවන් කිහිප දෙනකුද සිටි බවට වාර්තා වේ.
- lankasara