gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව දුරටත් මේක වහගෙන ඉන්න ඕනෙ නෑ... වාහන ගෙන්වන්න ලෑස්තියි!

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසූවේ, රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බවත් වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවය.

එමෙන්ම මේ වනවිට රට තුළ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වී ඇති බවත්, පසුගිය ආර්ථික කඩාවැටීමත් සමඟ මෙරට ආනයන 2000ක් නවතා දැමීමට සිදුවූ බවත් නමුත් මේ වනවිට වාහන හැර අන් සියල්ලම ගෙන්වීමට හැකියාව පවතින බවත්‍ අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම නැවත වාහන ගෙන්වීම නිසි ක්‍රමවේදයන්ට අනුව සහ රටේ අවශ්‍යතාවය පරිදි සිදුකිරීමට පියවර ගන්නා බවත්, නැවත රට පැරණි තත්වයට නොවැටීමට වගබලාගන්නා බවත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka