අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභික මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් විසින් බව වාර්තා වේ.
මෙම පෙත්සම අද නිශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණ සභාපති සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
පෙත්සමට අදාළ කරුණු තහවුරු කර ගැනීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපය්හි වරයාට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කරමින් අධිකරණයට අභියෝග කළ බවට චෝදනා කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
