1982 වසරේදී මෙන් අවශ්‍යනම් මැතිවරණය වසර දෙකක් කල් දැමිය හැකියි
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශ්‍රී. ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ හැකියාවක් පවතින බවයි.
අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවද ඔහු පැවසීය.
මීට පෙර 1982 වසරේදී ද මෙවැනිම සිදුවීමක් සිදුවූ බව පැවසේ.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1982 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියට අනුරාධපුරයට ගිය අවස්ථාවේ මැතිවරණ සිතියම අකුළන කතාවක් මුල්වරට රටට ප්‍රකාශ කළේ මෙසේය ,
“අපට වාසිදායක මේ අවස්ථාවේ අපට උදවු කරන අය සමඟ එක් වී දේශපාලන ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කර දේශපාලන වශයෙන් විරුද්ධ පක්ෂ නැති කර දමා, නැපෝලියන් අවසන් යුද්ධයෙන් ජය ගත් අවස්ථාවේදී එංගලන්තයේ සිටි විලියම් පිට් යුරෝපයේ සිතියම අවුරුදු දහයකට අකුළා දමන්න කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ, අවුරුදු දහයකට ලංකාවේ මැතිවරණ කොට්ඨාස සිතියම අකුළා තබන්නය කියලා අපි ජනතාවට කියනවා.”
එහිදී එම කතාව ඇසූ කතාව ඇසූ එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රීතිඝෝශා කළ බව වාර්තා වේ. නමුත් ෙම ප්‍රකාශය කළ ජේ.ආර් ට නැවත දෙවැනි වතාවවේදී ජනාධිපතිවරණයට ඉල්ලීමට හෝ අවස්ථාව නොලැබුනි.
ප්‍රේමදාස අපේක්ෂකත්වය ලබා නොගන්නට එජාපය පරාජය වන්නේ 1994දී නොව 1988දී බව පැවසේ.
1982 වසරේදී මෙන් අවශ්‍යනම් මැතිවරණය වසර දෙකක් කල් දැමිය හැකියි
2024-05-30T20:24:00+05:30
Gossip Lanka Hot News





