gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී කියූ ‘විශේෂ දේවල්‘ පරස්පර බව CID දන්වයි!

මීට මාස දෙකකට පෙර හදිසියේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ දෙයක් දන්නා බව කියමින් රහස් පොලිසියට කළ හෙළිදරව්ව ගැන ආන්දෝලනයක් මතුව තිබුණි. ඔහු දේශපාලන වාසි ගැනීමට මෙම ප්‍රකාශ මතුකරන බවට සැක මතු විය.

2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපතිවරයා මහනුවරදී කළ ප්‍රකාශය ආන්දෝලනයක් ඇති කරද්දී ඇමති ටිරාන් අලස්ගේ උපදෙස් මත පොලිසිය විශේෂ ප්‍රකාශයක්ද ලබාගත්තේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (10) අධිකරණයට දන්වා සිටියේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ දෙක සහ  මේ දක්වා හමුව ඇති CCTV දර්ශන මගින් ලද සාක්ෂි එකිනෙක පරස්පර බවයි.

මෙම කාරණාව මතුවන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයා සත්‍ය වසන් කරමින් අසත්‍ය ප්‍රකාශ ලබාදී ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයට දන්වා කළ පැමිණිල්ල විභාගයේදීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිත ලක්මාල් මහතා  සිටියේ මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයේ සැකය මතු කර ඇති බවයි.

 කරුණු සළකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙනවිය හිටපු ජනාධිපති සිරිසේන අපරාධ වගකීමක් සහිත දෙයක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කළාය. විමර්ශනයේ ප්‍රගතිය ජුලි 26 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කෙරිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka