gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ළඟදීම සටනට!

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන තම පක්ෂයේ අපේක්ෂකයා තවත් නොබෝ දිනකින් ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (10) එම පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් ජයග්‍රහණය කළහැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

එම ජයග්‍රහණය රටේ අනාගතය තීරණය කරන්නක් බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය එළඹෙන 18 දාට පෙර දැනුම්දෙන බවට ප්‍රකාශයක් කර ඇතැයි ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka