gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් ඡන්ද සටන අනුරාධපුර කලාවැවෙන් පටන් ගනී! මන්ත්‍රීවරු පිරිවරාගෙන මහින්ද වේදිකාවට ගොඩවෙයි! ‌ඇමැති ෂෙහාන් සේමසිංහ ඇවිත් නෑ! (VIDEO)

“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේ ඊයේ (26) පැවැත්විණි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ කලා වැව ආසනයේ ජනතාව දොළොස් දහසක් පමණ සිටියහ.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන, එස් සී මුතුකුමාරණ, ගමගේ වීරසේන, කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අනෙකුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගි වී සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ නොසිටීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව අමතා කතා නොකිරීම මෙහිදී විශේෂත්වයකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka