ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට විවිධ ප්‍රචාර පැතිරයන බවත් එවන් දෙයක් සිදුවුවහොත් ලේ වැගිරීමක් පවා සිදුවීමට ඉඩ ඇති බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක පවසනවා.
හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම හිටපු හමුදාපතිවරයා ජාතික ජන බලවේගය පිළිබඳවද අදහස් පළ කළ අතර, ජනතාව මාලිමාව ලෙස රැවටී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණටම බවත් තමාගේ දැනුම සහ අත් දැකීම් අනුව කිසිවිටෙකත් ජනතා විමුක්ති පෙරමුණට බලයක් ලබාගත නොහැකි බවත් සඳහන් කළා.