ඩයනා බඩු බාරදෙයි... කඩිනමින් මව් රටට යෑමේ සූදානමක්?
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේට එරෙහිව ලබාදුන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ විශේෂ තීන්දුවකින් පසු පාර්ලිමේන්තුවෙන් ඉවත්කළ ඩයනා ගමගේ, රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුකු කළ කාලසීමාවේ පරිහණය කළ දෑ මේ වනවිට ක්‍රමයෙන් නැවත බාර දෙමින් සිටිනා බව වාර්තා වේ.
ඉකුත් සිකුරාදා (10) සංචාරක හිටපු රාජ්‍ය අමාත්‍යවරිය තම නිල වාහන 03ක් නිලධාරීන්ට බාර දී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඩයනා ගමගේ , අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නොමැති බවද වාර්තා වන අතර මේ මස 21වැනි අඟහරුවාද ලිපි ලේඛන බාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එමෙන්ම අමාත්‍යවරියට තවදුරටත් රට වෙනුවෙන් වැඩ කිරීමේ අවස්ථාව අහිමි වීමෙන් දැඩි සිත් තැවුලට පත්ව සිටිනා බැවින්, නැවත තම මව් රටට යෑමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩයනා බඩු බාරදෙයි... කඩිනමින් මව් රටට යෑමේ සූදානමක්?
2024-05-15T07:23:00+05:30
Gossip Lanka Hot News






