gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්ත මරාගන්න ගිහින්!

ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්ත අතර ඇතිවන්නට ගිය ගැටුමක් ආයාසයෙන් බේරාගැනීමට සිදුවූ පුවතක් වාර්තාවේ. මෙම ගැටුම ඇතිවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කර ගැනීමට කරන පොහොට්ටු මෙහෙයුමේ වැදගත් පියවරක් ලෙස පසුගිය සඳුදා වෝටර්ස් එජ් හෝටලයට කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් කැඳවා සිදුකළ රහසිගත සාකච්ඡාවකින් අනතුරුව පැවැත්වූ මධුවිත සාදයේ දී බව දැනගන්නට ඇත.


වාර්තාවන පරිදි බීමත්ව සිටි දෙදෙනා අතර ගැටුම ඇතිවන්නේ,  පසුගිය දා ගුවන්තොටුපලේ දි ප්‍රසන්න රණවීර සම්බන්ධ වී සිදුවූ සිද්ධිය නිසා රාජ්‍ය ඇමතිවරුන්ගේ ගෞරවය නැතිවූ බවට ලොහාන් රත්වත්ත විසින් චෝදනා කිරීමෙනි.
මෙහිදී ප්‍රසන්න රණවීර පෙරළා ලොහාන් රත්වත්තගෙන් විමසා ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවු ලොහාන් රත්වත්ත සම්බන්ධ සිද්ධිය රාජ්‍ය ඇමතිවරයෙකුගේ ගෞරවය ආරක්ෂා කළේ ද යන්නය.

සංවාදය ප්‍රචණ්ඩ වී ගැටුමක් කරා වර්ධනය වීම මැඩපවත්වා ඇත්තේ ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ කාංචන විජේසේකරගේ මැදිහත්වීමෙන් බව වාර්තා වේ.
( ඉරිදා ලංකාදීප)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka