gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි ජනාධිපතිගෙන් බිම්මාට කුණුහරුප ඊමේල්… අධිකරණයෙන් සිතාසි..

අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සිතාසි නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන දිසා අධිකරණය විසින් එසේ නියෝග කරමින් දන්වා ඇත්තේ එළැඹෙන විසිහත් වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.

ජනක රත්නායක මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ගයාත‍්‍රි බිම්මා නම් කාන්තාවක විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී කරුණු සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනක රත්නායක මහතා විසින් විද්‍යුත් තැපෑල ඔස්සේ තම සේවාදායිකාව වෙත නින්දා සහගත අපහාසාත්මක පණිවිඩ යවා ඇතැයි ද පැමිණිල්ලේ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වා ඇත.

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවත් නියත වශයෙන්ම ඉන් ජය ගන්නා බවත් ජනක රත්නායක මහතා පවසන අතර ඔහු ඒ සඳහා වන දේශපාලන සංවිධානයක්ද පිහිටුවා ඇත.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka