gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජලනයෙන් ෂාරුක් රෝහලට

ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්  රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා(21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිට ඇති බවත් එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

එම රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් ගෞරි ඛාන්, බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා සහ ඇයගේ සැමියාද වහාම කේ.ඩී රෝහල වෙත පැමිණ ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ෂාරුක් ඛාන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහභාගී වන අවසන් තරඟය නැරඹීමට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙතැයි තමන් විශ්වාස කරන බවත්ය.
-(විමුක්ති එස් රුද්‍රිගු)
-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka