මරණයට හේතු වූ ප්‍රතිජීවක ඖෂධය කෙහෙළිය සෞඛ්‍ය ඇමති කාලේ ප්‍රසම්පාදන ක්‍රමවේදය උල්ලංඝණය කර බංගලාදේශයෙන් ගෙන්වූ බාල ඖෂධයක් බව හෙළි වෙයි… පිළිස්සුම් තුවාල ලැබූ අවුරුදු 31ක් වයසැති පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ 17 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබද්දී ඔහුට ලබා දුන් cefuroxime ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් ඇති වු අසාත්මිකතාවකින් මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කාලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් ගෙන් වූ ඖෂධයක් බවද පැවසුවේය.
මෙම එන්නත බංග්ලාදේශයේ නිෂ්පාදන කර ඇති අතර මෙය වසර 2023දි නිෂ්පාදනය කර තිබේ.
එය කල් ඉක්තුවන වසර ලෙස නම් කර ඇත්තේ වසර 2025දී බවද සඳහන් කර ඇත.
ප්‍රශ්න සහගත ඖෂධ නැති බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරින් පුන පුනා පැවසුවද දැනට පවතින ඖෂධ තොග වහාම පරික්ෂාවට ලක් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතාවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
-lankasara