මං අවංකව කතා කරනවා නම් මම දැන්ගෙන හිටියේ නෑ මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙ මොනතරම් අපේ රටේ පවුල් වලට බලපාල තියෙනවද කියලා. මං දැනගෙන හිටියෙ ප්‍රශ්නයක් තියෙනවා මේක අපි අයින් කරන්ඩ ඕන කියලා විතරයි. නමුත් මේ කටයුත්ත පටන් ගැන ඉදිරියට යනකොට මට මේ මහජනතාවගෙන් තිබ්බ ප්‍රතිචාරය එක්ක මං දැනගත්තේ හැම සෑම පවුලකටම වගේ හැම පළාතකටම වගේ මේ ප්‍රශ්නය බලපාල තිබුණ හැටි.
විශේෂයෙන් කාන්තාවන්,තමන්ගෙ ළමයින්ව හදා ගන්න බැරිව අම්මලා වින්ද දුක මට එන්න එන්න දැනගන්න ලැබුණා.
මට තේරුම් ගියා මේ මහජනතාව මට කතා කරපු දේවල් මට කියපු දේවල් වලින් මේක බරපතල ප්‍රශ්නයක් බව.මම පටන් ගත්තට වඩා තදින් ක්‍රියා කරන්න පටන් ගත්තා. ඔබට මතක ඇති දැන් පාතාලේ ක්‍රියාකාරකම් මං හිතන්නේ හැමදාම උදේට නැගිටිනකොට ඇහෙන්නේ මිනි මැරිම් . මෑතකදී අම්බලන්ගොඩ පැත්තේ වෙඩි තැබීම් දෙකකදී මැරුණේ අහිංසක ම මිනිස්සු කිසිම සම්බන්ධයක් නැතුව ආවේ එක්කෙනෙකුට වෙඩි තියන්න වෙඩි තිබ්බේ වෙන එක්කෙනෙකුට.
මෙවැනි දේවල් රටේ වෙනකොට අපි ඒවාට ඉඩ තියන්න බැ. ඉතින් අපි ඉතා තදින් ක්‍රියා කෙරුවා.ඉදිරියටත් තදින් ක්‍රියා කරනවා. මේ වැඩ වලදි අපේ මහජනතාව මාත් එක්ක හිටගත්ත එක මට ලොකු හයියක් උනා. මේවා කරගෙන යනකොට අපිට බොහෝ බාධක ආවා. අපිට මේ වැඩේ නවත්තන්න කියලා. බාධක ආව පමණක් නෙවෙයි තාමත් එනවා.
දැන් උනත් අපිව නිහඬ කරලා මේ වැඩපිළිවෙළ නවත්තන්න කට්ටිය ඉන්නවා.
නමුත් මං ඒකට බය වෙලා අඩියක් පස්සට තිබ්බේ නෑ.
මම හිතාගෙන හිටියේ මට මරණ තර්ජන ආවත් මේක දිගටම කරනවා කියලා.
ඊට පස්සේ මේ විරුද්ධකාරයෙන් කරන්නේ මඩ ගහන්න පටන් ගන්නවා .අපිව මානසික වට්ටලා අපිව වෙන පැත්තකට ගෙනිහිල්ලා. අපි ඒවට උත්තර දිදී ඉන්නකොට මේ වැඩ කොටස අතපසුව වෙන විදිහට වැඩ කරනවා.
නමුත් මම මේවායින් අයින් වෙලා ඒවට උත්තර දෙන්න යන්නේ නෑ. දාහක් දෙනා එක එක දේවල් කිව්වත් මම ඒවට උත්තර දෙන්න යන්නේ නෑ මොකද මම කියන්නේ ඒවා කාලේ නාස්ති කිරිමක්.
මගේ හිත දන්න්වා මම කරන්නේ හරි දේ කියලා. මම ඒක දිගටම කරගෙන යනවා. දැන් බලන්න පොලිස්පතිතුමා. පොලිස්පතිතුමා උදේ නැගිට්ට වෙලා ඉඳන් රෑ වෙනකන් වෙන පොලිස්පතිවරු වගේ නෙමෙයි දිගටම ෆීල්ඩ් එකේ ඉඳගෙන මේ වැඩ කටයුතු කරනවා . එතකොට එතුමට මොකද කරන්නේ? එතුමට මඩ ගහනවා ෆේස්බුක් වලින්, සමාජවාදී න් දිගටම ගහනවා නඩු පිට නඩු ගිහිල්ල පවරනවා උසාවිවල.
මේ සියලු දේ කරන්නේ ඒ උදවියටතමයි. කුඩකාරයන්ගේ සම්බන්ධ තියෙන්නේ. පාතාලයට සම්බන්ධකම් තියෙන්නේ.
ඒගොල්ලන් තමයි මේ නඩු පවරලා සමාජ මාධ්‍ය පාවිච්චි කරලා එවැනි පහර දීලා. මේක වට්ටන්න හදන්නේ මේක නවත්තන්න හදන්නේ ඉතින් අපිට තිබිච්ච එකම හයිය තමයි. ඔබ සියලු දෙනා වගේ මේ රටේ ජනතාව අපි එක්ක කෙලින් හිටගත්තා. ඔබ සියලු දෙනා දෙනා දන්නවා නගරවල ගම්වල ඉස්සර තිබුණ තත්ත්වය කොහොමද දැන් තියෙන තත්ත්වෙ කොහොමද කියලා.