පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අයර්ලන්තය-නෝර්වේ-ස්පාඤ්ඤය තීන්දු කරයි! ඊශ්‍රායලයට යකා නැග එම රටවල තානාපති කාර්යාල වසා දමයි!
තමන් නිදහස් පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව, අයර්ලන්තය, ස්පාක්‍දක්‍දය සහ නෝර්වේ යන රාජ්‍ය නිවේදනය කර සිටියි. මෙම නිවේදනය, ගාසා තීරයේ ම්ලේච්ඡ මිනිස් ඝාතනයක නිරතව සිටින ඊශ්‍රායලයට එරෙහිව නැගී එන ජාත්‍යන්තර විරෝධය තවත් තීව්‍ර කිරීමට හේතුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනටමත්, ඊශ්‍රායලයේ සමීපතම මිතුරන් පවා, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරමින් සිටින් මිනිස් ඝාතන හෙලා දකින තත්ත්වයක් උදා වී තිබේ.
අයර්ලන්තය, ස්පාක්‍දක්‍දය සහ නෝර්වේ යන රටවල් ඔවුන් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ඊශ්‍රායලය, එම රටවල සිටින ඊශ්‍රායල තානාපතිවරු යළි සිය රටට කැදවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල්වලින් අත බහුතරය, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළි ගන්නා බව මීට පෙද ප්‍රකාශ කර තිබේ.
-mawratanews
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අයර්ලන්තය-නෝර්වේ-ස්පාඤ්ඤය තීන්දු කරයි! ඊශ්‍රායලයට යකා නැග එම රටවල තානාපති කාර්යාල වසා දමයි!
2024-05-24T02:27:00+05:30
Gossip Lanka Hot News






