ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැයි දිනයේදී රනිල් වික්‍රමසිංහ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන බවට දුන් පොරොන්දුව මේ වනවිට පාරා වළල්ලක් වී ඇතැයි තහවුරු වේ.
කැබිනට් ඇමතිවරු වන බන්දුල ගුණවර්ධන වැවිලි කර්මාන්ත ඇමති රංජිත් සියඹලාපිටිය සහ විදේශ රැකියා ඇමති මනුෂ නානයක්කාර ප්‍රමුඛ ඇමතිවරු රැසක් මෙම පාරාවළල්ල වළක්වා ගැනීම සඳහා විවිධ ප්‍රකාශ කරමින් සිටිති. ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මනුෂ නානයක්කාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙන කොන්දේසිවලට පවා විරුද්ධව ප්‍රකාශයක් සිදුකර ඇත.
ඔහු එහිදී සඳහන් කර තිබෙන්නේ වතු කම්කරු වැටුප් වැඩිකර දීමට අසමත් වන වැවිලි සමාගම්වලල ලබාදී තිබෙන වතු යළි ආණ්ඩුවට පවරා ගන්නා බව ය. මේ සඳහා පනතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය පවා ලබා ගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.
ලබන සැප්තැම්බර් මාසයට පෙර රාජ්‍ය ආයතන රැසක් සහ ජාතික සම්පත් විකුණා දැමීමට කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහ පොහොට්ටු හවුල් පාලනය වතු යළි පවරා ගන්නා බව පැවසීම සම්පූර්ණයෙන් ම ජනතාව නොමඟ යැවීමට හිතා මතා කරන ප්‍රකාශයකි. ඒ මට්ටමට ඇද වැටීමෙන් හෝ රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කර ගැනීමට ඇමතිවරුන්ට සිදුවී තිබේ.
-lankatruth