gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරාන ජනපති මියයන්න පෙර මහින්දට තෑග්ගක් එවලා

හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට එවන ලද ලෝහමය විශේෂිත ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඇමැතිවරයාට ඊයේ (20 වැනිදා) භාරදී ඇත.
ඉරාන ජනාධිපතිවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදී, ඉරාන ජනාධිපතිවරයා ඇමැති මහින්ද අමරවීරට එරට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇරයුමක් කර ඇත.

ඒ අනුව, ඇමැතිවරයා පසුගියදා ඉරානයේ සංචාරයක නිරත විය. එම සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයා විසින් ඇමැතිවරයාට ලෝහමය විශේෂිත ත්‍යාගයක් එවා තිබිණි. ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු ඊයේ (20 වැනිදා) දිනයේදීම ඇමැතිවරයාට අදාළ ත්‍යාගය ලැබීම ද විශේෂත්වයකි.

එමෙන්ම, ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ද මහින්ද අමරවීරය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka