gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පහරදීම වහාම නවත්වන්න... බෙන්ජමින්ට සජිත් අනතුරු අඟවයි!

පලස්තීනයට එල්ල කරන ප්‍රහාර වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙසට ඊශ‍්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ප්‍රකාශ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් සදහන් කළේ,

” ඊශ‍්‍රායලය අද රාජ්‍ය ත‍්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුරුදහන් කරවන්නට දරන මේ උත්සාහය අපි තරයේ හෙලා දකිනවා. මේ මිනීමරු ක්‍රියාදාමයෙන් වහාම ඉවත් වන්නැයි කියලා ඊශ‍්‍රායලයේ අග්‍රාමාත්‍යය නෙතන්යාහුට ප්‍රකාශ කරනවා.

මේ ප්‍රථම වතාවට මම නමක් කියලා කතා කරන්නේ. එසේ මීට පෙර නොකිව්වේ දෙගොල්ලෝ එකතු කිරීමේ අරමුණින්. නමුත් පිට පිටම තෙනත්යාහු ආණ්ඩුව මේ කරන්නා වූ මිලේඡු්ච තුඡු්ච ක‍්‍රියාදාමය අපි තරයේ හෙළා දකිනවා.”

කොළඹදී පවත්වන ලද විරෝධතාවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka