gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තීරණාත්මක දවසක් – රනිල්ගෙන් බේරෙන්න පොහොට්ටුව ලොකු සටනක!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගිල ගනිමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයුම් පරාජය කිරීමේ තීරණාත්මක දිනයක් ලෙස අද (01) මැයි දිනය යොදා ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ නායකයින් එම පක්ෂයේ ආසන සංවිධායකයින් හට සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු හට දැනුම් දී ඇති බව අනාවරණය වේ.

මේ අනුව රට පුරා මැයි දින ප්‍රචාරක කටයුතු එක්සත් ජාතික පක්ෂය අබිබවා යන ලෙස සිදු කරන්නැයිද මැයි රැලිවලට පාක්ෂිකයින් ඉහළම ප්‍රමාණයකින් සහභාගී කර ගන්නා ලෙසද මූලික නියෝග දෙකක් ලබා දී තිබේ. මෙම කටයුතු සඳහා විශාල මූල්‍යමය අනුග්‍රහයක් ප්‍රාදේශීය නායකයින් දක්වා ලබා දී ඇති බව වැඩිදුරටත් හෙළි වේ.

රටේ විවිධ ප්‍රදේශවල පොහොට්ටුවේ සැරසිලි, පෝස්ටර් ඇලවීම් එක්සත් ජාතික පක්ෂය අබිබවා යන ලෙස ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් සියල්ල ලබා දී තිබේ. එසේම මැයි රැලිය සඳහා පාක්ෂිකයින් සහභාගී කරවීමටද අවශ්‍ය මුදල් ලබා දී ඇත. මෙම ක්‍රියාමාර්ග දෙක මගින් එක්සත් ජාතික පක්ෂය පරාජය කර රනිල් වික්‍රමසිංහ සමග කේවල් කිරීමට බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එක්ව සැලසුම් කර ඇති බව වැඩිදුරටත් හෙළි වේ.

- lankatruth


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka