ඇමති විජයදාස රාජපක්ෂ ජනපතිවරණයට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි ශ්‍රීලනිප විධායක සභිකයින් සහ ආසන සංවිධායකයින් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී 30 සෙනසුරාද දහවල් පැවැත්විණ.
ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනය මත අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස සහභාගිවිය.
ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.
බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමා එහිදී දේශනයක් පැවැත්වූ බව රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඇමති විජයදාස රාජපක්ෂ ජනපතිවරණයට?
2024-04-01T10:00:00+05:30
Gossip Lanka Hot News






