තලතාගේ යෝජනාව ජනපති පිලිගනී.. SJB 80%ක් සමග රනිල් අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට..
ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණ හා පොහොට්ටුව ලකුණ හැර අලුත් ලකුණකින් තරඟ වදින බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
එම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයෙකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය කරනු ඇති බවද හෙතෙම කියා සිටී.
අලියා ලකුණෙන් තරග කළහොත් වෙනත් පක්ෂවලට ඔහුට සහාය දීමේදී ගැටලු ඇතිවන බවත් එමෙන්ම පොහොට්ටුව ලකුණෙන් තරග කිරීම් මේ දී ද එම ගැටලුව මතුවන බවත් එනිසා වික්‍රමසිංහ මහතා නව ලකුණකින් නව සන්ධානයකින් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා පැවසීය.
එම ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයෙන් 80%කට වැඩි පිරිසක් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව සාදරයෙන් පිළිගන්නා බවත් පැවසු ඔහු ඒ සදහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කළහොත් අනෙකුත් අය ද වික්‍රමසිං මහතාට සහාය දෙනු ඇති බවද පැවසීය.
-lankacnews
තලතාගේ යෝජනාව ජනපති පිලිගනී.. SJB 80%ක් සමග රනිල් අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට..
2024-04-10T08:44:00+05:30
Gossip Lanka Hot News






