gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්-අනුර විවාදය! වැඩේ ලෑස්ති කරන නලින් බණ්ඩාරගෙයි නලින්දගෙයි හමුව අන්තිම මොහොතේ කැන්සල් වුණේ ඇයි?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත ආර්ථිකය සම්බන්ධ විවාදයේ සම්බන්ධීකාරකවරුන් වන නලින් බණ්ඩාර මහතා හා නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් පසුගිය බදාදා දින පැවැත්වීමට නියමිතව තිබිණ.

ඒ, ලබන මැයි දිනට පෙරාතුව ‌සජිත්-අනුර විවාදය සදහා දින නියම කරගැනීමටය.

නමුත් අවසන් මොහොතේ එම හමුව අවලංගු කිරීමට සිදුව තිබුණේ නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ පවුලේ උදවියට හදිසි කටයුත්තක් හේතුවෙන් රත්නපුරේ බලා පිටත්ව යාමට නියමිතව තිබූ බැවිනි.

ඒ අනුව නව වසරෙන් පසු එම හමුව පැවැත්විය හැකි බව නලින් බණ්ඩාර මහතා විසින් නලින්ද ජයතිස්ස මහතා වෙත දැනුම් දී තිබිණ.


මේ සම්බන්ධයෙන් අද දිනයේදී නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka