රනිල්ගේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකත්වය සාගල රත්නායකට!
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරුවල බලය අයුතු ලෙස යොදා ගනිමින් සාගල රත්නායක ක්‍රියා කරන්නේ යැයි වජිර අබේවර්ධන ප්‍රමුඛ පිරිසක් දැඩි සේ කලබල වී ඇති බව වාර්තා වේ.
පසුගිය කාලය පුරා මෙවැනි කලබල තිබූ බවත් එහෙත් අලුත් අවුරුදු උත්සවයත් සමඟ සාගල රත්නායක නිකුත් කර තිබෙන සමාජ මාධ්‍ය පළ කිරීම් ගණනාවක් නිසා තත්වය වඩාත් උණුසුම් වී ඇති බව හෙළි වේ.
සාගල රත්නායකගේ ක්‍රියා කළාපයට එරෙහිව මත දක්වන පිරිස පොදුවේ “නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා එයාද?“ යනුවෙන් ප්‍රශ්න කරමින් විරෝධය මතුකර ඇත. ජනාධිපතිට මුවාවී සාගල රත්නායක තමන්ගේ “ඡන්ද කැම්පේන් එක“ මේ වනවිටත් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව රනිල්වාදී වී සිටින පොහොට්ටු මන්ත්‍රීන්ගේ ද පොදු මතය වී ඇතැයි වාර්තා වේ.
රනිල්ගේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකත්වය සාගල රත්නායකට!
2024-04-17T07:50:00+05:30
Gossip Lanka Hot News








