ඉදිරි ජනාධිපති වරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ අලියා ලාංඡනය අතහැර පොදු ලකුණකින් තරග වැදීමට නියමිත බව ආණ්ඩුවේ ආභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර කරයි. සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් පොදු අපේක්ෂකයා ලෙස පොදු ලාංඡනයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඊළඟ මහ මැතිවරණයේදී අලියා ලාංඡනයෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස තරඟ වැදීමට තීරණය කර ඇතැයිඑම ආරංචි මාර්ග තහවුරු කරයි.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරණයේදී එක්වීමට හැකිවන පරිදි පොදු ලාංඡනයකට තරග කිරීමට තීරණය කළ බව මේ සම්බන්ධව සිදුකළ විමසීමක දී ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරයෙකු ලංකා සරට පැවසීය.
ජාතික මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපය පිරිසක් රනිල් වික්‍රමසිංහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරේ සහ කඳුකරයේ ද්‍රවිඩ පක්‍ෂ හා ද්‍රවිඩ කණ්ඩායම් සහ දකුණේ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් රනිල් වික්‍රමසිංහ සමග එක් වී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අලියා ලකුණ අතහැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සෙසු නිලධාරීන්ට එක් මතකයට පැමිණීමට තවමත් නොහැකි වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.