පසුගිය 09 වෙනි දින මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී සිදු කළ සාකච්ඡා පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන් ම, නිවාස හා නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග එම රැස්වීම පැවැත්වෙන අතරතුර හදිසියේ නැගිට ගිය බවත්, එය මාධ්‍යයට හෙළි නොවන ආකාරයෙන් තබා ගැනීමට උත්සාහ කළ ද මේ වනවිට යම් තොරතුරු ප්‍රමාණයක් හෙළි වී තිබේ.
එම රැස්වීම අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රසන්න රණතුංගට දුරකතන ඇමතුමක් ලැබීමත් සමඟ “ජනාධිපතිතුමා සහභාගී වන උත්සවයකට අත්‍යාවශ්‍යයෙන් ම සහභාගී විය යුතුව තිබෙනවා“ යනුවෙන් ප්‍රකාශ කරමින් පොහොට්ටු දේශපාලන මණ්ඩල රැස්වීම පහත ඇද දමා පිටව ගිය බව අනාවරණය වේ.
මෙලෙස පිටව යාමට ප්‍රතිචාරයක් ලෙස උග්‍ර බැසිල්වාදියෙකු වන කෝප් කමිටුවේ හස්ත සංඥා මහාචාර්ය රංජිත් බණ්ඩාර යොදවා ගනිමින් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇතැයි තව දුරටත් හෙළිවේ. “පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙකු නැති බවට ප්‍රසන්න රණතුංග තැන තැන කරන ප්‍රකාශ ඔහුගේ පෞද්ගලික හිතලුවක් පමණයි“ යනුවෙන් රංජිත් බණ්ඩාර ප්‍රකාශ කර තිබිණි.
ජනමාධ්‍ය හමුවේ මෙම ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව ප්‍රසන්න රණතුංග ද හිතවත් මාධ්‍යවේදීන් හරහා තමන් දේශපාලන රැස්වීම අතරමග නැගිට ගිය බව හෙළිකර ඇතැයි අනාවරණය වේ.