ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මෙවර පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඉන් සිදුවනු ඇත්තේ නියතවම පක්ෂය බෙදී යෑමක් බව පොහොට්ටුවේ බල කණුවක් බවට ප්‍රකාශිත නාගරික සංවරධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේය.
ප්‍රසන්න රණතුංග මේ බව ප්‍රකාශ කළේ අද ගම්පහ දී පැවති ජයගමු ශ්‍රි ලංකා වැඩසටහන එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමිනි.
මේ අවස්ථාවේ පවතින ආකාරයට අභියෝගය භාරගෙන රටක් ගොඩනැගිය හැකි නායකයා ලෙස පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ බව කී ප්‍රසන්න රණතුංග නාමල් රාජපක්ෂට තව කල් ඇති බව කීවේ අත්දැකීම් බහුල දේහපාලන නායකයෙක් වූ ඔහුගේ පියා බව පෙන්වා දුන්නේය.
අත්දැකීම් සහිත දේශපාලන නායකයෙක් ලෙස ඔහු ලබා දෙන උපදෙසක් හැමෝම පිළිගත යුතු බව ද ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තවම ප්‍රකාශ කර නැතැයි කී ප්‍රසන්න රණතුංග නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ප්‍රවේශ වුවහොත් පක්ෂය බෙදෙන බවත් ජාතික සංවිධායක ලෙස ඔහු එවැනි පියවරක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ප්‍රසන්න රණතුංග පැවසුවේය.
තමන් මේ තරම් උත්සාහ කරන්නේ පක්ෂය නොබෙදී තබා ගන්නට බව ද ඔහු කීවේය.
