ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට එරෙහිව පැවරූ වාරණය මැයි මස 09 තෙක් දිර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 04 වැනිදා මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.
මැයි මස 06 වැනිදා තෙක් දීර්ඝ වූයේ අප්‍රේල් 18 වැනිදා දක්වා බල පැවැත්වුන එම නියෝගය ය.
වාරණ නියෝගයක් අපේක්ෂාවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය.
පක්ෂයේ සභාපතිවරයා මෙන්ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු මිය ගොස් තවත් 500 පමණ තුවාල ලැබම
ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින්ද මෛත්‍රිපාල සිරිසේන වරදකරු වී ඔහුට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට නියම වීම
මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත්කොට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කිරීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක ආණ්ඩු කිරීම වැළැක්වීමට ක්‍රියා කිරීම.
මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ පක්ෂයෙහි අභිවෘද්ධිය සඳහා කලක් තිස්සේ ක්‍රියා කළ ප්‍රබල ක්‍රියාකාරිකයින් රැසක්ම අත්තනෝමතික ආකාරයෙන් නෙරපා හැරීම.
2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ ආසන 95 ක් දිනා ගැනීමට හැකි වුවද මෛත්‍රිපාල සිරිසේනගේ අත්තනෝමතික හා ඒකාධිපති පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් එම මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට කුඩා සංඛ්‍යාවක් බවට පත්ව තිබීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු ඉන් විශ්‍රාම ගිය පසු ඉබේම ඔහු පක්ෂයේ අනුශාසක ධුරයට පත්වන නමුත් මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් විශ්‍රාම ගිය පසුව ද අත්තනෝමතික ලෙස සභාපති ධුරයේ රැඳී සිටීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි නිසා ඔහුට එම ධුරයේ රැඳී සිටීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති වීම යන කරුණු මත පදනම්ව පෙත්සම ගොනු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
