gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියානු හමුදාවට බැඳෙන ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දෙන්න… ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුසියානු රජයෙන් ඉල්ලයි!

රුසියානු හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සඳහන් කළේ රුසියානු හමුදාවට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් බඳවාගැනීම මේ දිනවල බහුලව සිදුවන බවය.

ඉන් බොහෝ පිරිසක් සංචාරක වීසා මත රුසියාවට පැමිණ හමුදා සේවයට එක්වන පුද්ගලයින් බව සඳහන් වෙයි.

ශ්‍රී ලාංකිකයින් ද එලෙස සංචාරක වීසා මත පැමිණ රුසියානු හමුදාවට එක්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජනිතා ලියනගේ සඳහන් කළාය.

එහෙත් ඒ පිළිබඳව නිසි තොරතුරු තානාපති කාර්යාලය සතුව නොමැති බැවින් ශ්‍රී ලාංකිකයින් එරට හමුදා සේවයේ කටයුතු කරන්නේ නම් ඒ  පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස තානාපති කාර්යාලය රුසියානු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

යම් ශ්‍රී ලාංකිකයෙකු රුසියානු හමුදා සමඟ එක්වන්නේ නම් තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය සදහන් කළේය.


පසුගිය දින කිහිපය තුළ රුසියානු හමුදාව සමග එක්ව සිටි ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.

කෙසේවෙතත් තානාපති කාර්යාලය සතුව තොරතුරු නොමැති බැවින් මියයන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව හෝ තුවාල ලබන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේය. – දෙරණ –


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka