ඉරාන ජනාධිපතිගේ ශ‍්‍රී ලංකා ගමනට ඇමරිකා, ඊශ‍්‍රායල විරෝධය... මෝසාඩ් මෙහෙයුම් අරඹයි!
මේ මස 24 වැනිදාට යොදාගෙන තිබෙන ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමරිකාව විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ නිල උත්සවය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මෙරටට පැමිණෙන පැමිණීම පිළිබඳව මෙරට ඇමරිකානු තනාපති කාර්යාල ඉහළ පෙළේ නිලධාරීන් මෙම විරෝධය රජයට පළ කර ඇත්තේ කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත පැමිණයි.
කෙසේ වෙතත් ඉරාන ජනාධිපතිගේ මෙරට සංචාරයට පෙර ඉරාන ආරක්ෂක අංශවල නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී.
ඉරාන ජනාධිපති පැමිණෙන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළේ ගොඩ බස්වා දැඩි ආරක්ෂාවක් යටතේ උමාඔද දක්වා ගොස් එදිනම ආපසු යාමට සැලසුම් කර තිබේ.
ඉරානයේ ජනාධිපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳව ඊශ්‍රායලයේ මෝසාඩ් ඔත්තු සේවය ද ඇමෙරිකානු ඔත්තු සේවාවන්ද දැඩි අවධානයෙන් පසුවන බවද වාර්තා වෙයි.
ඉරාන ජනාධිපතිගේ ශ‍්‍රී ලංකා ගමනට ඇමරිකා, ඊශ‍්‍රායල විරෝධය... මෝසාඩ් මෙහෙයුම් අරඹයි!
2024-04-18T09:59:00+05:30
Gossip Lanka Hot News






