gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ නැවු පමණක් තහනම් කර ජර්මානු නැවු එන්නේ ඇයි - චීනයේ විරෝධය ලංකාවේ මූණටම කියයි

ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පරේෂණ යාත්‍රා ඇතුල්වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වෙයි.

චීන නෞකාවලට එම තහනම නිකුත් කළ ද ඒ හා සමාන ජර්මාණු යාත්‍රා වලට එම අවසරය ලබා දී ඇතැයි ද එහිදී චීන අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කර ඇතැයි ද පැවසේ.

ඉකුත්දා චීනයේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන අග්‍රාමාත්‍ය ලීවයැන්ග් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී චීන අගමැතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ජර්මානු නෞකාවලට එම අවසරය ලබා දී ඇත්තේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පමණක් බවය.

ශ්‍රී ලංකාව කිසිම රටකට සිය භූමිය තවත් රටක අවශ්‍යතාවයන්ට අනුව අවභාවිතා කරන්නට නොදෙන බවද එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා චීන අගමැතිවරයාට අවධාරණය කර ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයුධ සුදු කිරීමට චීන සමාගම්වලට සාධාරණ හා විනිවිද පෙනෙන සුළු භාවයෙන් යුක්ත පරිසරයක් අවශ්‍ය බවය.

තීරණ ගන්නා විට අනෙකුත් රටවල් විසින් අනවශ්‍යාකාරයෙන් තමන්ගේ මිතුරු රටවලට කරන බලපෑම් සම්බන්ධයෙන් චීනය අසතුටෙන් පසුවන බවද එහිදී චීන නායකයා සඳහන් කර තිබේ.

– කැළුම් බණ්ඩාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka