gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එරන්ද ගිනිගේ ඉල්ලන් කයි.. එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්නගෙන් ගිනිගේට දේශපාලන පාඩමක්..

එරන්ද ගිනිගේ කියන්නෙ ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට ජනතාව එකතු වෙලා ධූරයෙන් පන්නා දාපු ගෝඨාභය  රාජපක්ෂ  මහතාගේ උපදේශකයෙක්. සරලවම කියනවා නම් ජනාධිපති  උපදේශකයෙක්. ගිනිගේ ඊයේ ඒ කියන්නේ 2024.04.08. වෙනිදා ෆේස්බුක් සටහනක් තියලා තිබුනා  "නාමල් එපා රනිල් ඕනා" කියලා.. ඒකේ මගේ නමත් ,මම හිටපු සංවිධානයකුත්, මම දැන් ඉන්න පක්ෂයේ නමත් සඳහන් වෙන හින්දා ඒකට උත්තර බඳින එක මගේ යුතුකමක් සේ සළකලා කෙලින්ම ගිනිගේට ම ආමන්ත්‍රණය  කරමින් ම මේ සටහන තබන්න හිතුණා…

හිටපු ජනාධිපති  උපදේශක තුමනි…

පසුගිය කාලයේ ඔබගේ හැසිරීම ඉතා සියුම්ව නිරීක්ෂණය කිරීමේදී ඔබ ඉතා වේදනාවෙන් සිටින බව පේන්න තියෙන බව පළමුව කියන්න ම වෙනවා. සාමාන්‍යයෙන් දේශපාලනය වගේ ක්ෂේත්‍රයක එහෙම ඉන්න එක එතරම් යහපත් දෙයක් නෙමෙයි. මොකද වේදනාවෙන් සිටියදී දේශපාලන තීන්දු ගැනීම තුළින් තවත් ඇතිවන්නේ එවැනි ම තත්වයක් බැවින්. දේශපාලනය වගේ තැනකදි හැඟීම් හා ආවේග වලින් ඈත් වෙන්න ඕන වෙලාවකුත් එනවා...

"උපදේශකයින් තෝරා ගැනීම කුමාරයෙකුට සුළුපටු වැදගත්කමකින් යුත් කාර්යයක් නොවේ. ඔවුන් හොඳ හෝ නරක උපදේශකයින් වන්නේ ඔවුන් තෝරා ගන්නා කුමාරයාගේ ප්‍රඥාව අනුවය. කෙනෙකු පාලකයාගේ ප්‍රඥාව මනින්නේ ඔහු වටා සිටින පුද්ගලයින් පරීක්ෂණයට භාජනය කිරීමෙනි. ඔවුන් කාර්යක්ෂම  විශ්වාසවන්ත පුද්ගලයෝ වෙත් නම් තම උපදේශකයින් වශයෙන් ඔවුන් තෝරා ගත් පාලකයා බුද්ධිමතෙක් ලෙස සැළකේ. ඔවුන්ගේ නිපුණතා හඳුනා ගැනීමටත් ඔවුන් තමා කෙරෙහි  විශ්වාසවන්තව තබා ගැනීමටත් පාලකයා සමත්ව ඇති බැවිනි. අනෙක් අතට පාලකයාගේ උපදේශකයෝ  ඉහත දැක්වුණු තත්ත්වයේ පුද්ගලයෝ නොවෙත් නම් පාලකයාගේ බුද්ධිය තක්සේරු කරන්නේ අඩු ලංසුවෙනි. යෝග්‍ය තත්ත්වයේ උපදේශකයන් තෝරා ගැනීමට අසමත් වීම පාලකයෙකු අතින් සිදු වන පළමුවැනිම වැරැද්දය.”

(මැකියාවෙලි - කුමාරයා)

ගිනිගේ,
  
මං ඔය ඉහතින් දක්වලා තියෙන පොතේ උපුටා ගත් කොටස  කියෙව්වනම්  ඔබටත්, ඔබේ ජනාධිපතිවරයාටත් අත්වෙච්ච ඉරණමට හේතු වෙච්ච කරුණ පැහැදිලිවම තියෙනවා. .ඒ වගේම අනාගතයේදී  ඔබ වැනි අය උපදේශකයෙක්  ලෙස පත් කර ගැනීමට නියමිත  කුමාරවරුන්ටත් ඒකෙන් ගන්න වැදගත් ම පාඩමක් තියෙනවා.

ගිනිගේ,

දේශපාලනය කියන්නේ මොන කාලේ මොන විදියට තිබ්බත් බල අරගලයක්. ඒකේ ස්වරූපයම එහෙම තමයි. ඔබ පවසන ආකාරයට Galle Face  අරගලය තුළ පැවති Black Cap Movement  සංවිධානය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමට කටයුතු කරන ලද සංවිධානයකි. එය එසේම නම් ඔබ පරාජයට පත් වී අප ජයග්‍රහණය  කර තිබේ. යහපත් කාලගුණය ඇතිවිට කුණාටු ගැන කල්පනා නොකිරීමේ උපදේශකයින් සිටින විට කුමාරවරුන්ට රාජ්‍යයන් අහිමි  වීම සාමාන්‍ය දෙයක්.

ගිනිගේ,

Black Cap Movement සංවිධානය බිහිවූයේ රනිල් වික්‍රමසිංහ  ජනාධිපති කිරීමට නොව ගෝඨාභය  රාජපක්ෂ  පාලනය විසින් ඇතිකරන ලද පීඩාකාරී පාලනයට එරෙහිවයි. පාලකයෙකු විසින් දිනෙන් දින අලුත් තුවාල ඇති කරමින් පෙළන ලද ජනතාවකට නිසි දේශපාලන නායකත්වයක් ලබා දීම තුලින් අප ලද ජයග්‍රහණය ගැනත් නුඹලා ලද පරාජය ගැනත් අදටත්  අපි සතුටු වන්නෙමු. එම නිසා අපට අනුව Black Cap Movement සංවිධානය  යනු  ඉතිහාසය විසින් පවරා දුන් වගකීම නිසි ලෙස ඉටු කරමින් අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී  මුහුණුවර ආරක්ෂා  කරගැනීමට  දායක වූ සංවිධානයක් ලෙස මිස ඔබ පවසන ආකාරයේ සාහසික සංවිධානයක්  නොවන බව අවධාරණය  කරන්නෙමු. ඒ වගේම වර්තමාන  පාලනය පිළිබඳ  ඔබ නොසතුටු නම් අප එදා  කොහුවලින් අරඹා Galle Face දක්වා ගිය ගමන ඔබටද  ආරම්භ කිරීමට ඇති ඉඩ පිළිබඳව ද  ඔබට මතක් කරමු.

ගිනිගේ,
  
පොහොට්ටු මන්ත්‍රීවරු සහ ලක්ෂ හැටනමයේ ජනතාව නූගත් හෙන්චයියලා ලෙස ආමන්ත්‍රණය  කිරීම නම් කිසිසේත් ම දේශපාලනික නැත. ගෝඨාභය මහතාට ජන්දය ලබා දුන් බෝහෝ අය අලුත් හා දියුණු ලංකාවක් පතන ලද අයයි. ඔවුන්ගේ හීන බිඳ දැමුවේ ඔබ වැනි අදේශපාලනික  උගත් යැයි කියා ගන්නා වියතුන් බව මතක් කරන්නෙමි. කිසිදු ජනපදනමක් නැති ජනතාවගේ හැඟීම් ගැන අවබෝධයක්  නැති ඔබ වැනි උගතුන් රටටත්, සමාජයටත් කළ විනාශය සුළුපටු  නොවේ. මහජන නියෝජිතයින්ට එලිපිට දේශපාලනය කළ නොහැකි මට්ටමට සමාජය අරාජික වූ විටෙක පැදුරත් නොකියා පලා ගිය නායකත්වයක් හෝ පවුලක් සමඟ දේශපාලනය කිරීම  අදේශපාලනික ය. 

ගිනිගේ, මිනිස්සු ඉගෙනගන්නවා  ඒත් එක්කම වෙනස් වෙනවා. ඒක පිළිගන්න... 

ගිනිගේ,

මගේ දේශපාලන දැක්මට අනුව ඔබ අකමැතිම කාරණාවක් කියන්නට අවසර දෙන්න. මට හිතෙන්නේ ඔබේ දේශපාලන කඳවුර  පිළිසකර කර නොහැකි මට්ටමට විනාශ වී ඇති බවයි. එයට යළි ජනතා සුජාතභාවයක් ලබා ගැනීම පහසු නැත. අකැමැත්තෙන් වුවද කියන්නේ ඔබෙන් විසිරෙන බලය ඇහිදා ගනිමින් ලබාගත් බලය තහවුරු කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ කාර්ය තුළ අපි මේ වන විට නිරතවෙමින් පවතින බවය.. එය අපේ දේශපාලනයයි...  That is politics!

ගිනිගේ,

මාලිගා සංකීර්ණය තුළ සියලු දෙනා තමන්ට  නියමිත කොටස්වල වාසය කළ යුතුය. අන් අයගේ කොටස් වලට නොයා යුතුය. කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයේ එහෙම කියලා තියෙනවා .මං හිතන්නේ ඔබට මේ කොටස ගොඩක් වැදගත්. ඔබ ඔබේ කොටසේ සිටිය යුතුයි. මොකද රජුන් යටතේ සේවය කිරීම ගින්නේ ජීවත් වීමක් හා සමාන දෙයක්. රජු කෝප වූ විට  අඹු දරුවන් පවා විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම ඇමතිවරුන්ගේ උදහසට ලක් වූ  විට කන් රත්වෙන්නත් පුළුවන්...

ගිනිගේ,

මං දැන් මේ ප්‍රසිද්ධ  ලියමන අවසන් කරන්න හදන්නේ, “ගිම්හානය දරා ගත් ගැහැණිය ට වසන්තයේ  මල් හිමි විය යුතුයි කියලා” ප්‍රකාශයක් මං කොහේ හරි දැක්කා. ඒක හරි ලස්සන ප්‍රකාශයක්.. ඔව්; Black Cap Movement එකේ හිටපු අපිටත් දේශපාලන මතයක් තියෙනවා.. පවුල් වාදයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමේ වුවමනාව මත අපිත් දේශපාලනය කරනවා. එන්න අපි හැප්පිලා බලමු... 

ධර්මය ඔබට මග වේවා!

හේමප්‍රිය කවිරත්න,
දේශපාලන ලේකම්,
එක්සත් මහජන පක්ෂය (UPP)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka