gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ දින තුනක උපදේශිකාවට ඩොලර් 65,000ක්!

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2016 වසරේ මුලදී චීන සංචාරයක යෙදීමේ උපදේශිකාවක ලෙස ක්‍රියා කළ තැනැත්තියක හට දින තුනක් සඳහා ඩොලර් 65,000ක් ගෙවා ඇති බව අනාවරණය වේ.

මෙම මුදල ගෙවා තිබෙන්නේ Northern Stra Consulting Corporation Limited හොංකොං සමාගමේ අධ්‍යක්ෂ ශෙන්ලැන් ජියෑන්ග් නැමැති උපදේශිකාවට ය. චීනයෙන් මෙරටට ආයෝජන දිනා ගැනීම ඇතුළු ආර්ථික අවස්ථා සම්බන්ධීකරණය කර දීමට බව පවසමින් මෙම මුදල ගෙවා තිබේ.

එවකට අගමැති රනිල් වික්‍රමසිංහ චීනයේ අදාළ නිල සංචාරය සිදු කර තිබෙන්නේ 2016 අප්‍රේල් 06 වෙනි දින සිට 09 වෙනි දින දක්වා ය. මෙරටට ආයෝජන ලබා ගන්නා බව පවසමින් මේ ආකාරයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපදේශකයින්ට පවා ගෙවා ඇති නමුත් ආයෝජන වෙනුවට 2015 – 2019 කාලයේ ඩොලර් බිලියන 12.05ක අති විශාල ගිනි පොලී ස්වෛරීත්ව බැඳුම්කර ණය ලබා ගැනීමෙන් වාර්තාවක් පිහිටුවා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka