gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රී රට හැරදා දකුණු කොරියාවේ පදිංචියට?

තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම අසත්‍ය ප්‍රචාර දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන බවද ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

***

2024 අප්‍රේල් මස 27 වන දින

සියලුම දෙනාගේ දැනගැනීම පිණිසයි

මා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශයන් විවිධ ජනමාධ්‍යන් හරහා විශාල ප්‍රචාරයක් ලබා දෙන බව මේ දින වල පෙනී යයි. දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට මාහට අවශ්‍යතාවයක් නොමැත.

දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර මා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමි.

මා වෙත අධිකරනයේ වාරන නියෝගයක් තිබෙන බැවින්, පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇත.

ස්තූතියි


මෛත්‍රීපාල සිරිසේන
පාර්ලිමේන්තු මන්ත්‍රී
හයවන විධායක ජනාධිපති
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka