2005 සිට 2015 දක්වා රටේ ජනාධිපතිවරුන් තුන් දෙනෙක් විසින් කල්බදු ක්‍රමය යටතේ ජනාධිපති ලේකම් කාර්යාල වෙත ගන්නා ලද වාහන සඳහා අයවිය යුතු රුපියල් කෝටි 230ක් ( බිලියන 2.3) අයකර ගැනීම සඳහා අදාල සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.
අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළි කළේ මෙම ඇතැම් වාහන බදු ගෙවීම පැහැර හැර ඇත්තේ වර්ෂ 2005 සිට බවය.
බදු ගෙවීම් පැහැර හැරියා පමණක් නොව මෙම වාහනවලින් කොටසක් අතුරුදහන් වී ඇති බවද ඔහු හෙළි කළේය. වාහන 101කට අදාලව මෙසේ පොලු තියා ඇති රුපියල් බිලියන 2.3ක මුදල යළිත් වරක් මහ ජන බදු මුදලින් ගෙවීමට ඉඩදීම අපරාධයක් බවත් ඒම මුදල් අයකරගත යුත්තේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් සහ අදාල වගකිවයුතු නිලධාරින්ගෙන් බවත් දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකර, රට බංකොලොත්වන තැනට වැඩ කිරීමෙන් පසු තමන්ගේ ලේකම් කාර්යාලයට ගෙන්වූ වාහනවලට ලීසිං වාරික ගෙවීම පැහැර හැරියා පමණක් නොව, වාහන ද අතුරුදහන් කළ පසු එම වංචාවේ පිරිවැය ජනතා බදු මුදලින් අයකරගැනීමට ඉඩදීමේ අපරාධය සිදු නොකළ යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
එම මාධ්‍ය සාකච්ඡාවට අදාල වීඩියෝව පහත දැක්වේ.
