ඩොලර් 717,600ක් නඩු ගාස්තු ගෙව්වේ කා වෙනුවෙන් ද?
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ විදේශ නඩු ගාස්තු වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 717,586 ගෙවා ඇති බව අනාවරණය වේ.
මේ බව හෙළි වන්නේ 2015 මාර්තු 04 වෙනි දින හැන්සාඩ් වාර්තාවෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නගා තිබූ ප්‍රශ්නයකට මුදල් රාජ්‍ය ඇමති ලබා දුන් පිළිතුරෙන් එම තොරතුරු හෙළිවේ.
2009 ඩොලර් 20,000ක්, 2010දී ඩොලර් 250,000ක්, 2011 දී ඩොලර් 87,000ක්, 2012 දී 90,586, 2013 ඩොලර් 120,000ක්, 2014දී ඩොලර් 150,000ක් ආදී වශයෙන් නඩු ගාස්තුවලට ගෙවූ බව ප්‍රකාශ කර තිබිණි. මෙම නඩු ගාස්තු කුමක් අරභයා කාට ගෙවන ලද්දේ දැයි සවිස්තරව එම හැන්සාඩ් වාර්තාවේ සඳහන් නොවේ.
- lankatruth
ඩොලර් 717,600ක් නඩු ගාස්තු ගෙව්වේ කා වෙනුවෙන් ද?
2024-04-02T08:48:00+05:30
Gossip Lanka Hot News






