තමන් වැලිකඩ බන්ධනාගාරයේදී අලුත් අවුරුද්ද ඉතා සතුටින් සැමරූ බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.
තමන් නීතියට ගරු කරන නමුත් අවනීතියට ගරු නොකරන බවද ඇය අවධාරණය කරයි.
මේ රට ජනතාව වෙනුවෙන් සටන් කළ විජය කුමාරතුංගගේ හිසට වෙඩි තිබූ රටක් බවද ඇය තවදුරටත් කියා සිටියාය.
අධිකරණය විසින් නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.
