gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථිකය වැරදි විදිහට කළමනාකරණය කිරීමෙන් කෝටි 100ක පාඩුවක් වුණා! ගෝඨාගෙන්-මහින්දගෙන්-බැසිල්ගෙන් මිලියන 50ක වන්දියක් ඉල්ලා ප්‍රකට ව්‍යාපාරිකයෙක් ‌‌එන්තරවාසි යවයි!

රටේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ආණ්ඩුකාර අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ. 

රටේ ආර්ථික අර්බුදය වැරදි ලෙස හැසිරවීම සම්බන්ධයෙන් මෙම පිරිස ඇතුලු මුදල් මණ්ඩලය මණ්ඩලය ඊට වගකිවයුතු බව එම එන්තරවාසිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත.

සති දෙකක් ඇතුළත පොලිය සමඟ මුදල් නොගෙවන්නේ නම් ඉහත කී පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටද එම ව්‍යාපාරිකය දැනුම් දී තිබේ.

ඉවත දැමිය හැකි ශල්‍ය උපකරණ නිෂ්පාදනයේ නිරත ව්‍යාපාරිකයා, කාලිංග සිල්වා මහතා නීතිඥ ප්‍රමෝද් පොල්පිටිය මහතා මාර්ගයෙන් මෙම ඉල්ලීම් ලිපි එවා ඇත.

ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේ 2019 සිට 2022 දක්වා කාලය තුළ ආර්ථිකය වැරදි ලෙස හසුරුවා ගැනීම හේතුවෙන් තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වූ බවත්, එයින් රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇති බවත්ය. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම, ආනයනික ද්‍රව්‍ය සඳහා පනවා ඇති සීමා කිරීම්, දෛනික විදුලි කප්පාදුව ව්‍යාපාරික කටයුතු අලාභයට ප්‍රධානතම හේතුව බවත්, ඊට පෙර සඳහන් කළ පුද්ගලයන් වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් ‌කොට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka