සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පොදු ජන පෙරමුණ සඳහන් කර ඇත්තේ පක්ෂයේ විනය කමිටුව ලබාදුන් නිර්දේශ අනුව, පක්ෂ විනය කඩකරමින් සමඟි ජන බලවේගයට එක් වුණු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් මෙලෙස කරුණු විමසීමට තීරණය කළ බවයි.
ඒ අනුව, මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
පොදුජන පෙරමුණ සඳහන් කර ඇත්තේ, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.
සමඟි ජන බල සන්ධානය ලෙස නව සන්ධානයක් පිහිටුවාගනිමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සමගි ජන බලවේගය සමග පසුගිය 05 වැනිදා ගිවිසුම් ගත වී තිබුණා.
