gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුදු වෑන් එකකින් පුද්ගලයෙකු පැහැරගනී.. පොලිසියෙන් බේරාගනී..

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු පහර දී , සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු (11) රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කුරුණෑගල , මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි මෙම තරුණයා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක සේවය කළ අයෙකි .

කටුනායක , 18 කණුව වී මෝළ පාරේ හුදෙකලා ස්ථානයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරුවරුන් දෙදෙනෙකු , මෙම තරුණයාට පහර දී , ඔවුන් පැමිණි වෑන් රථයට දමා ගෙන පළා ගොස් තිබේ .

මේ සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පිරිසක් මේ බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව , වහාම ඔවුන් එම ස්ථානයට පැමිණ තිබේ .

පසුව එම ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් , එම වෑන් රථය හදුනා ගෙන , එම රථයේ පැමිණි රියැදුරන් නවාතැන් ගෙන සිටි ආඩිඅම්බලම , පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුළී නිවස වටලා තිබේ.

එම අවස්ථාවේ පැහැර ගැනීමට ලක් වූ තරුණයා පහර දී කාමරයක බැද දමා තිබූ අතර , මෙම පැහැර ගැනීම සිදු කළ රියැදුරුවරුන් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය පැවසීය .

මෙම පැහැර ගැනීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු 33 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් රියැදුරුවරයා 39 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ තුළ කුළී රථ ධාවන කටයුතු වල නිරත වී සිටින අතර , ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක ද නිරත වී සිටින අතර , මෙම හෙරොයින් බෙදාහැරීමේ ජාලයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව , වැරදීමකින් මෙම තරුණයා පැහැර ගෙන පහර දී තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

– Dinamina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka