ජනාධිපති පුටුවට කයියනායකලා හෝ බස් රියදුරන් පත් කරගෙන රටක් දියුණු කරන්නට බැරි බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. කයිය ගහලා ලොකු රැස්වීම් කළ පළියට රටක් දියුණු කරන එක පහසු නැති බවද හෙතෙම පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද රටේ ජනතාව මැතිවරණයක් වුවමනා කියා දඟලන්නේ නැති බවත් මිනිස්සුන්ට අවශ්‍ය ජීවත්වීම බවත් හෙතෙම පැවසීය.
දේශපාලනයේ කිසිම අභියෝගයක් බාරගත්තේ නැති අය රට කඩා වැටී මිනිස්සුන් මැරී වැටෙද්දී අභියෝග භාර නොගත් මිනිසුන් දැන් රට බේරාගන්න මැතිවරණයක් ඉල්ලන බවද සඳහන් කළේය.
ව්‍යස්ථානුකූලව ඔක්තෝබර මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.