gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනපතිගේ වේදිකාවට ගොඩවේ..


නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.

පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්රදායික ක්රීඩා අංග රැසකින් සමන්විත වූ අතර සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවුරුදු තරග කිහිපයක් නැරුඹූ අතර, පෙරවරුවේ පැවැති බක්මහ පාපැදි තරගයේ ජයග්රාහයකයන්ට ත්යාග ලබාදීමද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.

අවුරුදු උත්සවයට පැමිණි මීපිළිමාන ප්රදේශයේ ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර එම ජනතාව ඉදිරිපත් කළ ගැටළු වලට විසඳුම් ලබාදෙන බවද පැවසීය.

මීට සමගාමීව දිවයින පුරා බොහෝ ප්රාදේශීය ලේකම් කාර්යාල සහ ජනතාව එකතුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් අවුරුදු උත්සව රැසක් සංවිධානය කර ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි අවුරුදු උත්සව ප්රමාණයක් සංවිධානය කර තිබීමද කැපීපෙනෙන තත්ත්වයකි.

මීපිළිමාන අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සහ ප්රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් සිටින විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද ජනාධිපතිවරයා සමඟ එම වේදිකාවට එක්ව සිටීම  විශේෂත්වයකි.

– Repoter
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka