නිවෙස්වලදී සිදුවූ අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොලොන්නරුව අරලගංවිල රුහුණුගම ගම්මානයේ නිවෙසක ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මතට කඩා වැටීම නිසා අවුරුදු තුනහමාරක දැරියක මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ හිරුණි රශ්මිකා දෙව්මිණි නමැති දැරියකි.
ඇය තම වැඩිමහල් සොයුරිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී, දියනෑමට අවශ්‍ය බව පියාට පවසා ඇත.
පසුව ඇය වැසිකිළිය අසල ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අතර වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.
මේ අතර සිය නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතකුට යටවීමෙන් පඬුවස්නුවර දිග්ගලගෙදර ගම්මානයේ අවුරුදු අටක් වයසැති දරුවකු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ චේතිය චිරාන් නමැති හෙට්ටිපොල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
මෙම සිද්ධියෙන් අනතුරට පත් දරුවා කුලියාපිටිය මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එම රෝහලේදී මිය ගොස් ඇත.
(නිමල් ප්‍රේමචන්ද්‍ර සහ නිමල් ජයරත්න)
-lankadeepa
නිවෙස්වලදී සිදුවූ අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024-04-16T07:31:00+05:30
Gossip Lanka Hot News






