gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියාවේ කුලීහේවායන් ලෙස පඩියට රස්සාවට ගිය ලංකාවේ තවත් හිටපු සෙබළුන් දෙදෙනෙක් මරුට!

රුසියානු හමුදාවේ සහායක සේවා රැකියා ලබා දෙන බව සඳහන් කරමින් සංචාරක වීසා මත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස එරට හමුදාවට බඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (10) රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

යුක්රේන දේශ සීමාවේ යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම සෙබළුන් දෙදෙනා ඇතුළු රුසියානු හමුදාවේ කිහිපදෙනෙකු මියගොස් ඇති බව සඳහන් කරයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුද වාහන පෙළකට වන අතර ප්‍රහාරය එල්ල වන විට ඒ ආසන්න ප්‍රදේ ශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයකු ඒ සම්බන්ධයෙන් තම නිවෙසට (11) පවසා ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

මියගොස් ඇත්තේ සහ මෙම තොරතුරු මෙරටට ලබාදී ඇත්තේ යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින අයකු බව ද වාර්තා වෙයි.

සහායක සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාම ගිය සැලකිය යුතු පිරිසක් රුසියාවට රැගෙන ගොස් අවි පුහුණුව නැවත ලබා දෙමින් කුරි හේවායන් ලෙස රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට යොදවන බව රුසියානු හමුදාවෙන් පලාවිත් මේ වන විට මෙරට සිටින යුද හමුදාවේ විශ්‍රාමිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට දින කිහිපයකට පෙර පැමිණිල්ලක් ද කර තිබේ.

මෙම ජාවාරම සිදු කරන පුද්ගලයන් හා ඒජන්සි සම්බ- න්ධයෙන් බොහෝ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙමින් පවසා ඇත්තේ රුසියානු හමුදාවේ. කුලී හේවායන් ලෙස යොදවා ඇති ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සෙබළුන් අන්ත ලෙස දුක් විඳින බවයි. බිලි බෝයි ලෙස යොදා ගන්නා ඔවුන්ට පැන යෑමට ද නොහැකි අතර පසුපසට පැමිණෙන්නේ නම් වෙඩි තබන බව ද වාර්තා වෙයි. පලා යෑමට සුදානම් වුවහොත් සිදුවන්නේ ද වෙඩි කන්නට බව එම සෙබළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.

දින ගණනක් නිරාහාරව සිට කැලෑ මාර්ගයක් ඔස්සේ ගමන් කොට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද සහාය ඇතිව මෙරටට පැමිණි බව රුසියානු හමුදාවෙන් පලා ආ ශ්‍රී ලාංකිකයා පවසා තිබේ. රුසියානු භාෂාවෙන් ඇති ලියකියවිලි පෙන්වා මෙම වංචාව සිදු කරන පුද්ගලයන් සම්බ න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් වීමර්ශනයක් ආරම්භ කර තිබේ

ගයාන් කුමාර වීරසිංහ
මහින්ද අලුත් ගෙදර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka