මැයි රැලියට එන අයට බොන්න දෙනවා.. යනකොට බොන්න..- හරීන් මැයි රැලිය සංවිධානයේ..
මැයි දිනයට පෙර බොහෝ විට තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලැබෙනු ඇති බව සංචාරක හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මැයිදිනයේ සංවිධායක ධුරයද තමන්ට ලැබෙනු ඇති බවද පැවසු ඔහු මෙවර මැයි දිනය සියලුම පක්ෂ ඉහලින්ම සමරනු ඇති බවත් කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත්තේ ලංගම බස් ලබාගන්නා ලෙස බවත් ඒ සඳහා සිරිකොතෙන් මුදල් ගෙවන බවත් ඔහු පැවසීය.
කෑම සහ බීම ලබාදීමට සංවිධානය කර ඇති බවත් පැමිණෙන විට නොබී ආපසු යන විට බොන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ඔහු මෙය අදහස් පළ කළේ එළැඹෙන මැයි දින රැළිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමේ ජන හමුවක් අමතමිනි.
මැයි රැලියට එන අයට බොන්න දෙනවා.. යනකොට බොන්න..- හරීන් මැයි රැලිය සංවිධානයේ..
2024-04-21T00:46:00+05:30
Gossip Lanka Hot News






