ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙනවාට එම පක්ෂයේ තරුණ පෙරමුණ ඇතුළු තරුණ සංවිධානවල විරෝධය පළ වී තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නේ නම් තරුණ සංවිධාන නායකයන් ඔහුට සහාය දැක්වීමෙන් ඉවත් වෙනු ඇති බවද එම පක්ෂය ආරංචි මාර්ග පවසයි.
එම සංවිධානවල කැමැත්ත පළවී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමටයි.
ජනාධිපති අපේක්ෂ ලෙස ඉදිරිපත් වන ලෙස නාමල් රාජපක්ෂ මහතාගෙන් එම පක්ෂයේ තරුණ සංවිධානවල ඉල්ලීම් මේ වන විටත් ඉදිරිපත් වී ඇත.
මේ අතර න් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද නාම රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි පැවසෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ එහි පළමු පියවර ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජාතික සංවිධායක ධූරය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදීමට කටයුතු කර ඇති බවය.
