සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 68 දෙනාම නිදහස්!
අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් 68දෙනා නිදහස් කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී හලාවත මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළ බව ඉහත සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ස්වීනි පෙරේරා ප්‍රකාශ කර ඇත.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනාම මියයෑම සහ විත්තිකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත්වීම හේතුවෙන් මෙම නඩුවේ සියලුම සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ බව වාර්තා වේ.
සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 68 දෙනාම නිදහස්!
2024-04-05T13:54:00+05:30
Gossip Lanka Hot News





