gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වඩේ එකයි… ප්ලේන්ටියයි… ඩොලර් 3 යි… කළුතර දී මගට බහින විදේශිකයන් සූරාගෙන කන හැටි විදේශිකයෙක් වීඩියෝවකින් ලෝකයට කියයි! (video)

කළුතර දී ප්‍රාථමික ලෙස විදේශිකයෙක් ගසා කෑමට ගිය හෝටල් කාරයෙකුගේ ස්වරූපය එම විදේශිකයා  විසින් ටික් ටොක් වීඩියෝවක් හරහා ලෝකයට මුදා හැර තිබේ. ටිම් ටෙන්ස් නැමැති මෙම බෙල්ජියම් ජාතික සංචාරකයා රටේ ස්වරූපය සම්බන්ධව යම් වාර්තාමය වැඩ සටහනක් සකස් කරමින් සිටින්නෙකි. 

සජිවීව සියලුම සිදුවීම් පටිගත වෙමින් පවතිද්දී මෙම විදේශිකයාව සිය ආපනශාලාව තුළට කැඳවා ගන්නා  ආපනශාලාකරු  උළුඳු වඩේ එකක් කා ප්ලේන්ටියක් බොන විදේශිකයාගෙන් රුපියල් දහසක මුදලක් අය කිරීමට ගන්නා උත්සාහයත්, විදේශිකයා ඉතාම ආචාරශීලීව මේ මිල ගණන් අසාධාරණ බව පවසද්දී ඊට රුපියල් 800ක මුදලක් අය කරන ආකාරයත් දැක්වේ.

එහිදී විදේශික තරුණයා හෝටලය ඉදිරියේ රැඳි සිටිමින්  මග යන කෙනෙකුගෙන් විමසන්නේ උළුඳු වඩයක මිල කොපමණ ද යන්නය. රුපියල් එකසිය පනහක මිලක් සහිත උළුඳුවඩයකට සහ ප්ලේටියකට රුපියල් 800ක් අය කිරිම ගැන හෙළිදරව් වන විට කඩ හිමියා තවත් රුපියල් දෙසීයක් ඔහුට දෙන්නේය.

“විදේශිකයා එහිදී පවසන වැදගත් කරුණක් තිබේ. ප්‍රශ්නය මුදල නොවේ. නමුත් මිල ගණන් අය කිරිමේ දී නිශ්චිත මූල ධර්මයක් තිබිය යුතුයි. ” ඔහු රටට කියන්නේ පුද්ගලයින් අවංක වීම වැදගත් බවය.

අප යමක් පැහැදිලි කරගත යුතුය.  රටක් ගොඩදාන්නට හදන්නේ සංචාරක ව්‍යාපාරයෙන් නම් මූලිකම දේ රටේ  අවංකභාවය පිළිබඳ ආගන්තුකයා තුළ විශ්වාසයක් ඇති කරගත යුතුව තිබේ. එම මූලිකාංගය නොපවතී නම් කිසි සංචාරක ව්‍යාපාරය රටත් ජනතාවත් ආර්ථිකයත් දියුණු කරන සාධකයක් වන්නේ නැත.

ආයතනයකට ගොඩ වදින විදේශිකයා රටට එන එවැනි ජාතියේ එකම එකා යැයි සිතා ඌව මරාගෙන කන්නට යෑමේ මේ රටේ ඇත්ත ගෝත්‍රික සම්ප්‍රදාය මෙම විදේශිකයා විසින් ලෝකයට කියා ඇති ආකාරය පහත වීඩියෝවේ දැක්වේ.

සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ යන්නට නම් අප ආකල්ප වශයෙන් තව බොහෝ දුරක් යා යුතු බව ඔබට වැටහෙනු ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka