ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍ය සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත්, පක්ෂයේ නිත්‍යානුකූල විධායක සභාවේ සාමාජිකයන් කවුරුන්ද යන්න ලබන 18දා අධිකරණයේදී කරුණු පෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් කීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතිධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් පැනවූ වාරණ නියෝගය නැවත කැඳවන අවස්ථාවේ ඒ බව අධිකරණයට පැහැදිලි කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටී.
පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව විසින් නිත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව හිටපු සභාපති හා විධායක සභාව පත්කර ඇති බවත් පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ගැනීම නීතිවිරෝධී බවත් ඒ ප්‍රකාශකයා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය ගත් නව තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම පක්ෂයේ ජතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු තිදෙනෙක් පසුගියදා පක්ෂය ගත් නව තීන්දු කිහිපයක් කොමිෂම වෙත භාර දුන්හ.
පක්ෂයේ වැඩබලන සභාපති ලෙස ඇමැති නිමල් සිරිපාලද සිල්වා නම් කිරීම එම තීන්දු අතර වෙයි. එම ගනු ලැබූ තීන්දු ඔවුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇත.
අරුණ බෝගහවත්ත
රනිල් ධර්මසේන
– Divaina